top of page

Twitterහි අයිතියත් Elon Muskට.

  • sltechbro47
  • Apr 11, 2022
  • 1 min read

ලොව සුපතල Tesla සමාගමේ CEO වන Elon Musk විසින් Twitterහි කොටස් වලින් 9.2%ක ප්‍රමාණයක් මිලදී ගනිමින් එහි වැඩිම කොටස් හිමියා බවට පත්වී තිබෙනවා. Twitterහි නිර්මාතෲ වන Jack Dorseyහට Twitterහි හිමිවන්නේ Twitterහි කොටස් වලින් 2.25%ක කොටසක් පමණි.


මේ වන විට Elon Musk හට Twitterහි කොටස් වලින් කොටස් 73,486,938ක් හිමි වනවා. එය Twitterහි කොටස් හිමියෙකු සතු වැඩිම කොටස් ගණන වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 2.89ක පමණ අගයක් ගනු ලබනවා. මේ ගණුදෙනුවත් සමඟම Twitterහි කොටසක අගය 26%කින් ඉහළ ගොස් තිබෙනවා.


මෙම කොටස් මිලදී ගැනීමට පෙර Elon Musk විසින් එහිදී poll එකක් දමමින් එහි පරිශීලකයන්ගෙ න් විමසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාම සඳහා භාෂණයේ නිදහස අත්‍යවශ්‍ය වන අතර Twitter විසින් එයට පිලිතුරු වශයෙන් සම්පූර්ණයෙන් ඡන්ද 2,035,924ක් ලැබී ඇති අතර එයින් 70.4%ක්ම එය එය එසේ නොවෙතැයි ලෙසින් සඳහන් කරමින් තම ඡන්දය ප්‍රකාශ කර තිබුනි. මෙය සිදු කර තිබුනේ 2022 මාර්තු 25 වන දින වුවත් කොටස් සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය ලෙස සඳහන්ව තිබුණේ මාර්තු 14 වන බැවින් ඒ වන විටත් ඔහු විසින් Twitterහි කොටස් මිලදී ගැනීම සඳහා අයදුම් කර තිබී ඇත.

 
 
 

コメント


Copyright 2022 SL TECH BRO All Rights Reserved.

Sri Lanka

icons8-youtube-64.png
icons8-telegram-app-64.png
icons8-whatsapp-64.png
icons8-discord-64.png
bottom of page